මර්වින් පුත් මාලක සිල්වා ඇප මත නිදහස්

අත්අඩංගුවට ගනු ලැබු හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඇපමත නිදහස් කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගැනුණා.
තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 16 වනදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ පස්වරුවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත නිදහස් කර තිබෙනවා.
781 Views
Comments