දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය ඇණහිටී – ඡන්දය ගණන් කිරමට බාධාවක් නෑ

අධික වැසි සහ තද සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් සිදුව තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක එලෙස විදුලිය බිදවැටී ඇති බවය.
කොළඹ, කළුතර, රත්නපුර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් සිදුව තිබේ.
අදාළ ප්‍රදේශවල විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
නමුත් විදුලිය බිඳ වැටීම ඡන්ද ගණන් කිරීමට බාධාවක් නොවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.
803 Views
Comments