අඩු වයසින් උපාධිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තුවක්

කටාන ආඩිඅම්බලම ප්‍රදේශයේ පැවති ජන හමුවේදී සිසුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.
වයස අවුරුදු 20 ක් වන විට උපාධිය සම්පූර්ණ කිරීමට හැකි වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි සිසුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.
අඩු වයසින් උපාධිධාරීන් පිහි කිරීම තුළ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට හැකි බව ජනාධිපතිවරයා ද මෙහිදී කියා සිටියා.
මේ අතර කැලණිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් ජනතාවගේ ප්‍රශ්ණ වලට සෘජුවම පිළිතුරු ලබා දුන්නා.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට පොරොන්දු වුණේ පාතාලය සහ මත් උවදුර තුරන් කොට මෙරට අභිමානය ආරක්ෂා කිරීමට කැපවන බවයි.
කැලණියේ ඓතිහාසික උරුමය ආරක්ෂාව වන පරිදි ඉදිරි කටයුතු සම්පාදනය කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
716 Views
Comments