ඇතා සහ අලි දෙදෙනා අනවසර විදුලි රැහැනට බිලි

අනවසර විදුලි රැහැනක ගැටුණු ඇතෙකු සහ වල් අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනුරාධපුර සහකාර වනජීවි කාර්යාලය පවසයි.
මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුදුක්කුලමේ පෞද්ගලික ඉඩම් හිමියෙකු තම ඉඩම වටා ඇද තිබු විදුලි රැහැනක ගැටීමෙන් මෙම අලින් ඇතා මියගොස් ඇති බව වනජීවි නිළධාරීන් කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කලාප බාර සහකාර වනජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්. එම්. චන්ද්‍රරත්න මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ කිසිදු අවසරයක් නොමැතිව විදුලි රැහැන් ඇද සතුන් මරා දැමීම සම්බන්ධයෙන් ඉඩම් හිමියා කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි.
343 Views
Comments