මිරිහාන අරගලයට ගිය 26ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
02

මිරිහාන අරගලයට ගිය 26ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මිරිහාන අරගලයට ගිය 26ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

පසුගියදා මිරිහාන ජනාධිපති නිවස හසළ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රෝහල් ගත කෙරුණු පුද්ගලයින් 26 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු 26 දෙනාම තවමත් සිද්ධියේදී ඇතිවූ තුවාල සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

ඒ අනුව මෙම පිරිස එළඹෙන අප්‍රේල් 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

views

891 Views

Comments

arrow-up