MAR
26
හෙලිකොප්ටර් සහ ගුවන් යානා ලබාදීම සීමා කරයි

කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
එමෙන්ම සිවිල් වැසියන්ට ද මුදල් ගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර් වෙන් කර ගැනීමට ලබාදී තිබු පහසුකම ද සිමා කිරීමට ගුවන් හමුදාව විසින් තීරණය කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට එළඹුණු බවයි.
695 Views
Comments