රුසියාව, යුරෝපයට ගෑස් සැපයීම තවදුරටත් නවතා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

රුසියාව, යුරෝපයට ගෑස් සැපයීම තවදුරටත් නවතා දමයි

රුසියාව, යුරෝපයට ගෑස් සැපයීම තවදුරටත් නවතා දමයි

ජර්මනිය සහ ප්‍රංශය ඇතුලු‍ව යුරෝපා සංගමයට අයත් රටවල් මේවන විට විදුලි අර්බුදයකට මුහුණ පා සිටී. 

 

ඒ රුසියාව සිදු කරන ගෑස් සැපයුම සීමා කිරීම හේතුවෙනි.


කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ යුරෝපා රටවල් එලෙස අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක් තුළ රුසියාව තවදුරටත් සිය ගෑස් සැපයුම සීමා කර ඇති බවයි. 

 

ඒ අනුව මේවනවිටත් වසා දමා ඇති රුසියාවෙන් යුරෝපයට ගෑස් සපයන ප්‍රධාන නලය තවදුරටත් වසා දැමීමට රුසියාව පියවර ගෙන ඇත.

 

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව පවසමින් රුසියාව ඉකුත්දා එම නල මාර්ගය වසා දැමන ලදී. 

 

එය නැවත විවෘත කිරීමට නියමිතව තිබුණත් රුසියාව පවසන්නේ නල මාර්ගයේ පවතින කාන්දුවක් හේතුවෙන් එය විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වන බවයි.

 

රුසියාවේ මෙම ක්‍රියාකලාපය හමුවේ යුරෝපා සංගමයට අයත් රටවල ගෑස් මිල තවදුරටත් ඉහළ ගොස් එම රටවල් දැඩි විදුලි විදුලි අර්බුදයකට මුහුණ පානු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

views

217 Views

Comments

arrow-up