සර්වපාක්ෂික ආණ්ඩුවේ මහින්දානන්ද - ජොනි - රෝහිත - ලන්සාටත් ඇමැති ධුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

සර්වපාක්ෂික ආණ්ඩුවේ මහින්දානන්ද - ජොනි - රෝහිත - ලන්සාටත් ඇමැති ධුර

සර්වපාක්ෂික ආණ්ඩුවේ මහින්දානන්ද - ජොනි - රෝහිත - ලන්සාටත් ඇමැති ධුර

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමේදී තම දිස්ත්‍රික් නායකයින්ට කැබිනට් ඇමැති ධුර ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

 

මේ පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමඟ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවත්වා ඇත. 

 

ඇතැම් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්නායකයින් පාර්ලිමේන්තුව නියෝජනය නොකරති.

 

ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලු‍ත්ගමගේ, පවිත්‍රා වන්නි ආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් ලන්සා යන මන්ත්‍රිවරුන්ට ඇමැතිධුර ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.

 

මේවන විට අමාත්‍යාංශ 28ක් ගැසට් කර ලේකම්වරු පත් කර ඇත.

 

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේවන විට දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා පවත්වයි. 

 

කැබිනට් ඇමැතිධුර තිහක් හා රාජ්‍ය ඇමැති ධුර තිහක් සර්ව පාක්ෂික ආණ්ඩුවේදී පත් කෙරෙන අතර දැනට පත්ව සිටින කැබිනට් ඇමැතිවරුන්ගේ විෂය පථයන්ද වෙනස් වන බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

මේ අතර උතුරු නැගෙනහිර හා කඳුකරයේ දෙමළ ජනතාවට උපරිම සේවයක් ලබාදීම සඳහා එම පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කැබිනට් අමාතය ධුර හා රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන්ට, ජාතික කොන්ග්‍රසයේ නායක පා.ම. ඒ.එල්.එම්. අතාවුල්ලාට හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පා.ම. සී.වී. විග්නේෂ්වරන්ට කැබිනට් අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිතය.

 

මට අමතරව කඳුරට ජනතා පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පා.ම. ඒ අර්වින් ද කුමාර්ට හා ටී.එම්.වීපී පක්ෂයේ නායක පා.ම. සිවිනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

views

254 Views

Comments

arrow-up