සඟවා තිබූ අධිබලැති ක්ලේමෝ බෝම්බ 2 ක් සොයාගැනේ

වව්නියාව - පරයනාලන්කුලම් - පාලෙයිඅඩිකුලම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කිලෝ 15 බැගින් බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා.
සොයාගත් ක්ලේමෝ බෝම්බවලින් එකක් කිලෝ 15 ග්‍රෑම් 360 ක් සහ අනෙක් ක්ලේමෝ බෝම්බය කිලෝ 15 ග්‍රෑම් 530 ක බරකින් යුක්ත වන බවට වාර්ථා වෙයි.
තල්ලකම් වැව ආසන්න කැලෑබද ප්‍රදේශයක තිබී හමුවු මෙම ක්ලේමෝ බෝම්බ පසුගිය සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සඟවා තබන ලද ඒවා බවට සැක කෙරෙනවා.
යුදසමයේදී කොටි සංවිධානය විසින් අදාල ප්‍රදේශයේ මෙම ක්ලේමෝ බෝම්බ දෙක සඟවා තබන්නට ඇති බවටත් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අදාල ක්ලේමෝ බෝම්බ දෙක මඩු පොලීසිය වෙතට භාර දීමට පියවර ගත් බවට පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.
642 Views
Comments