WARNING : නැගෙනහිර සහ ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවෙයි

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වන පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනට නැගෙනහිර සහ ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් වර්ධණය වී තිබෙනවා.
එහි බලපෑමෙන් කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බැවින් එම මුහුදු ප්‍රදේශ වල යාත්‍රා කිරීමේදී නාවික සහ ධීවර ප්‍රජාව වඩා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
922 Views
Comments