උපකාරක පන්ති ඇරඹීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසයි

උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගඋපදේශ මේ වන විට සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව උපකාරක පන්ති ආරම්භ කිරීමට මේ හරහා පියවර ගනිමින් සිටින බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. සෞඛ්‍ය අංශ නිර්දේශ මත නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් සෞඛ්‍ය මාර්ග උපදේශය අකුරටම පිළිපදිමින් උපකාරක පන්ති පැවැත්වීමටත් අවධානය යොමුව තිබෙනවා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
736 Views
Comments