රුවන්ඩා විශේෂඥයින් සේනා දළඹු මර්දනයට කිසිදු රසායනිකයක් ලබා දී නැහැ

සේනා දළඹු මර්දනයට රුවන්ඩාවෙන් රසායනික ද්‍රව්‍ය ගෙන් මා මෙරට බෙදා හැර ඇති බවට විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. යුදහමුදාපති තුමාගේ මැදිහත් වීමෙන් රුවන්ඩාවෙන් විශේෂඥයින් කණ්ඩායමක් පැමිණ කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව ඔවුන් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවක දී අත්දැකීම් හා තාක්ෂණය පිලිබද අදහස් හුවමාරු කරගත් බවත් කිසිදු රසායනිකයක් බෙදාහැර නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියා. එසේම බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
786 Views
Comments