ඉදිරි පැය 48 තුල දී පීඩන අවපාතයක් - මි.මි. 100 ක පමණ තද වැසි

බස්නාහිර, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් සිහින් වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
නොවැම්බර් මස 23 වන දින වනවිට දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාවක් පවතී.
ඉන්පසු එය ඉදිරි පැය 48 තුල දී බටහිර-වයඹ දෙසින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ දෙසට ගමන් කරමින් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇත. මේ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව ඉදිරි දිනවලදී දැනුවත් කරනු ඇත.
ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සෙසු මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිණිකොනදිග ගැඹුරු මුහුදු ප්‍රදේශ වල තද වැසි ද ඇති විය හැක. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සෙසු මුහුදු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එයි.
සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ. කොළඹ සිටමන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළුවිය හැක.
කොළඹ සිටමන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
642 Views
Comments