ශ්‍රී ලාංකික සංචාරකයින්ට විදේශ අමාත්‍යාංශයෙන් අනතුරු අඟවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
14

ශ්‍රී ලාංකික සංචාරකයින්ට විදේශ අමාත්‍යාංශයෙන් අනතුරු අඟවයි

ශ්‍රී ලාංකික සංචාරකයින්ට විදේශ අමාත්‍යාංශයෙන් අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම්වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතටයන සියලුම සංචාරකයින් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

 


අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය මෙයින් දන්වා සිටී.

 


මෙරට තුළ කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉදිරි සතිවල දී නැවත ආරම්භ කෙරෙන බවද පෙන්වා දෙයි.

 


විදේශ රටවල පදිංචිව සිටින අයට වැඩිදුර නිවරැදි තොරතුරු ලබාගැනීම සඳහා ඔබේ ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය අමතන ලෙසද සඳහන් කරයි. 

 


නැතහොත් https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’  අන්තර්ජාල ද්වාරය වෙත ඔබේ ගැටලු යොමු කරන ලෙස දැනුම් දෙයි

 

views

735 Views

Comments

arrow-up