ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තාවු ප්‍රදේශ...

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) දිනයේ ද වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන 282කි.
ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 43ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් ලෙස වාර්තා වී තිබේ.
මේ අතර කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පන්දහසේ සීමාවට ආසන්න වී තිබේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වනබව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළාය.
මේ වනවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුර 12,690ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 7606 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 16,190ක් වන අතර ඉන් ආසාදිතයින් 11,030 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව රෝහල් තුළ තවදුරටත් කොවිඩ් රෝගීන් 5,107 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 53කි.
819 Views
Comments