හෙට සිට බිත්තර නෑ..- නිෂ්පාදකයන් කියයි

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සඳුඳා සිට වෙළඳපොලට බිත්තර නිකුත් නොකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එසේම, දිවයිනේ විවිධ ප්‍රදේශවල බිත්තර නිෂ්පාදකයින්ද ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට විරෝධය පළ කළා.
බිත්තර මිල පිළිබඳ ගැටලුවේ උපරිම තත්ත්වය වාර්තා කරමින් බිත්තරයක මිල රුපියල් 60 සීමාව ද ඉක්මවා ගිය පසුබිමක ඊට මැදිහත් වූ වෙළෙඳ අමාත්‍යවරයා බිත්තර නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරමින් බිත්තර මිල අඩු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.
204 Views
Comments