ඩොලර් අවශ්‍යම මොහොතේ රටට ඩොලර් ගේන ඇඟළුම් 90%ක් ඩීසල් නොමැතිව මග නවතී

මෙරටට ඩොලර් අවශ්‍යම මොහොතක, රටට ඩොලර් ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන අපනයන ක්ෂේත්‍රයට මේ වන විට පෙර නොවූ විරූ බලපෑමක් එල්ලවී තිබේ. ඒ, ඩීසල් හිඟය හේතුවෙන්.
මේවන විට අපනයන බහාලුම් ප්‍රවාහනය කිරීමට දැඩි බලපෑමක් එල්ලවී ඇත.
මේවන විට බහාලුම් ප්‍රවාහනය සිදුකරන්නේ බස්නාහිර පළාතේ පමණක් වන අතර එයද සියයට 10 ක් දක්වා අඩුවී ඇති බවයි සමස්ථ ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංසඳයේ සභාපතිවරයා සඳහන් කළේය.
මේවන විටත් ආයෝජන කලාපවල අපනයන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය නොකිරීම හේතුවෙන් ගොඩගැසී ඇති බවත් ඔහු පැවසීය.
රට තුළ බහාලුම් ප්‍රවාහන රථ 6,000 කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර ඉන් බහාලුම් 800ක් 1,200 ත් අතර ප්‍රමාණයකින් දෛනිකව අපනයන භාණ්ඩ ප්‍රවාහනය කෙරේ.
601 Views
Comments