පහන්තුඩාව ඇල්ලේ රැඟුම් පෑ යුවලට ඇප ; තරුණයාට කොවිඩ් පොසිටිව් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

පහන්තුඩාව ඇල්ලේ රැඟුම් පෑ යුවලට ඇප ; තරුණයාට කොවිඩ් පොසිටිව් !

පහන්තුඩාව ඇල්ලේ රැඟුම් පෑ යුවලට ඇප ; තරුණයාට කොවිඩ් පොසිටිව් !

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත්  යුවල පොලිස් ඇප මත මුදාහැරී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

 

 

ලබන 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදා හළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙකු සඳහන් කළේය.

 

 

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා කෝවිඩ් ආසාදිතයකු ලෙසට හඳුනාගෙන ඇති අතර, එම තරුණිය ද කෝවිඩ් ආශ්‍රිතයකු වීම හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදා හළ බව ද  එම නිලධාරියා පැවසීය.

views

3294 Views

Comments

arrow-up