වේවැල විසිකර දමා දරුවන් වෙනුවෙන් සුක්කානම අතට ගත් විදුහල්පති

පාසලට පැමිණිමේදී ප්‍රවාහන අපහසුතා ඇති තම පාසලේ දරුවන් පාසල් බස්රථයෙන් ප්‍රවාහනය කර අධ්‍යාපනයේ යෙදවීමට මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කරනු ලබයි.
විදුහල්පතිවරයා බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කරයි.
ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනපුරා පාසල් වසා දැමීමට කටයුතු කළ අවස්ථාවක තම පාසල වසා දැමීමට කටයුතු නොකළ මෙම විදුහල්පතිවරයා ප්‍රවාහන අපහසුතා ඇති දරුවන් විශාල පිරිසක් පාසල් බස් රථයෙන් ගෙනවිත් පාසල් කටයුතු අවසන් වූ පසු යළි නිවෙස්වලට පාසල් බසයෙන්ම රැගෙන යාමට කටයුතු කර තිබේ.
පා පැදියෙන් උදෑසන 6.30ට පාසලට පැමිණෙන විදුහල්පතිවරයා ඉන්ධන අර්බුදය පසෙකලා පාසල පෝෂිත ප්‍රදේශය වන මැදිරිගිරිය, නවනගරය, චෛත්‍යපාර, දියසෙන්පුර, 5 ඇළ, පැරකුම්පුර, ට්‍රැක් 9, විජයරාජපුර යන ප්‍රදේශවල දරුවන් පාසල් මේ ආකාරයෙන් පාසලට රැගෙන ඒමට කටයුතු කරනු ලබයි.
විදුහල්පතිවරයා සති තුනක පමණ කාලයක් මෙම කාර්යය නොකඩවා ඉටු කරන අතර ඊට අවශ්‍ය ඉන්ධන මවුපියන්ට හැකි උපරිමයෙන් පාසලට රැගෙන ඒන බව විදුහල්පතිවරයා පැවසීය.
ඉන්ධන අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාලවූ අවස්ථාවක ප්‍රවාහන අපහසුතාවයට පිළියමක් ලෙස විදුහල්පතිවරයා තම විදුහල ආරම්භ වීමේ වේලාව උදෑසන 8.00 යොදාගෙන තිබේ.
ඒ අනුව පාසල් බස් රථය විශාල ප්‍රදේශයක ගමන් වාර 03ක් යටතේ සිදු කිරීමට කටයුතු කරයි.
තවද පාසල නිම වීම 1.30 සිදුකරන අතර 2.30 වන විට පාසලේ සියලුම දරුවන් ආරක්ෂිත ලෙස නිවෙස්වලට ඇරලවීමටද විදුහල්පතිවරයා කටයුතු කරයි.
දරුවන් පාසලට රැගෙන ඒමට තමන්ට ඇති අපහසුතා සම්බන්ධව මවුපියන් පාසල් සංවර්ධන සමිතියේදී විදුහල්පතිවරයා දැනුම්වත් කර ඇති අතර එහිදි විදුහල්පතිවරයා මෙම තීරණයට එළඹ තිබේ.
372 Views
Comments