ජාවෝ නැවතත් පිටියට

ඉන්දියාව හා එංගලන්තය අතර ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේදී ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් Jarvo 69 (ජාර්වෝ 69) නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙලෙස ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වූ තෙවැනි අවස්ථාව මෙයයි.එක් අවස්ථාවක පිතිකරුවකුද තවත් අවස්ථාවක පන්දු රකින්නකු ලෙසද පිවිසි ජාවො මෙවර පන්දු යැවීමට මෙන් අධික වෙිගයෙන් ක්‍රීඩපිටිය දෙසට දිව ඇත.
අනතුරුව ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිළධාරීන් විසින් ඔහුව සිය භාරයට ගත් අතර, පසුව පොලිස් අත්අඩංගුවට පත් විය.
මෙහිදී ජාවෝ හට ජීවිත කාලය තුල ක්‍රීඩාංගනයකට පිවිස ක්‍රිකට් තරඟයක් නැරඹීමට නොහැකි ලෙස දඬුවමක් පැනවෙන බව ආරංචි මාර්ග පවසයි.
837 Views
Comments