මධ්‍යම කඳුකරයේ පහත් පහත්බිම් ආශ්‍රිතයින්ට අනතුරු ඇගවීමක්

නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පවසා සිටියේ ඊයේ රාත්‍රියේ සිට මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට තද වැසි සමඟ අධික සුළං තත්වයක් පවතින බවයි.
මෙසේ විටින් විට තද වැසි සමඟ අධික සුළං පවතින ප්‍රදේශ ලෙස මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ගිනිගත්හේන , වටවල , නෝටන්බ්‍රිජ් , මස්කෙළිය , හැටන් , නෝර්වුඩ් , බගවන්තලාව යන පොලිස් බල ප්‍රදේශ නම් කර ඇත.
විමලසුරේන්ද්‍ර , කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලිබලාගාරවල ඉංජිනේරුවන් පවසා සිටියේ පවතින අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි හා මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ළඟා වී ඇති බවත් ජල විදුලිබලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවත්ය.
824 Views
Comments