හිරුණිකාගේ වරෙන්තුව යළි කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා සිටියේ සිය සේවාදායකයා තම මාස එක හමාරක බිළිදා සමග අධිකරණය ආසන්නව නවතා තිබූ වාහනයක සිට අධිකරණයට පැමිණෙන අවස්ථාවේ නඩුව කැඳවා තිබූ බවයි.
නිසි වේලාවට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇයගෙ නීතිඥවරිය සමාව අයැද සිටි අතර ඒ අනුව ඇය පෙර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කළා. මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේසටහනක් තබමින් සඳහන් කරන්නේ දරුවන් සමග පැමිණෙන මව්වරුන් හට දරුවන්ගේ කාර්යයන් හිටු කිරීම සඳහා වෙනම ස්ථානයක් සකසා දෙන මෙන් ගරු අධිකරණ අමාත්‍ය මාගේ ඉල්ලීමක් කර තිබෙනවා
629 Views
Comments