ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හෙට පෙරවරුවේ දිවයිනට - භාරගැනීමට ජනපති එක්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හෙට පෙරවරුවේ දිවයිනට - භාරගැනීමට ජනපති එක්වෙයි

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හෙට පෙරවරුවේ දිවයිනට - භාරගැනීමට ජනපති එක්වෙයි

කොරෝනා වයිරසයට එරෙහිව සටන් කළ හැකි ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

 

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසුවේ එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බවයි.

 

මෙම එන්නත් තොගය භාරගැනීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන බවයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ.

 

මෙරට පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බව සඳහන්.

 

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා ආයතනය විසින් සොයා ගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුළ නිෂ්පාදනය කෙරෙනවා.

 

ඉන්දීය ගුවන් සේවයට අයත් A I 281 දරණ ගුවන් යානයෙන් මෙම එන්නත් තොඟය මෙරටට රැගෙන එනු ඇති.

 

කිලෝග්‍රෑම් 1,323ක් බරැති මෙම එන්නත් තොගය ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ මෙරටට රැගෙන ඒමට නියමිතය.

 

පසුව එම එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ඇති ශීතාගාර තුළ ගබඩා කිරීමට සැලසුම් කර තිබේ.

 

 

views

753 Views

Comments

arrow-up