හල්දුම්මුල්ලෙන් ගසා ගෙන ගිය පිය-පුතු දෙදෙනා සොයා ගනී (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

හල්දුම්මුල්ලෙන් ගසා ගෙන ගිය පිය-පුතු දෙදෙනා සොයා ගනී (PHOTOS)

හල්දුම්මුල්ලෙන් ගසා ගෙන ගිය පිය-පුතු දෙදෙනා සොයා ගනී (PHOTOS)

හල්දුම්මුල්ල වේලු ඔයේ දියනාමින් සිටියදී අතුරුදන් වූ පියා සහ පුත්‍රයාගේ දේහය යුද හමුදාව විසින් පැය 18ක මෙහෙයුමකින් පසු අද සොයා ගත්තා.

 

අවුරුදු නිවාඩුවට මහරගම සිට පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ උදවිය ඊයේ මෙහි නෑමට පැමිණ තිබුණා.

 

බදුල්ල බලා යමින් සිටියදී අතරමඟ නතර වී ඔවුන් මෙලෙස ස්ථානය කිරීමට කටයුතු කළා වේලු ඔයෙහි ස්නානය කිරීම සඳහා ඔවුන් ඔයට බසිද්දී පවුලේ මව ආහාර පාන මිල දී ගැනීම සඳහා ළඟම ඇති කඩයකට ගොස් තිබුණා.

 

ඔයෙහි නාමින් සිටි පියා, පුතා සහ දියණිය හදිසි වැඩි වූ ජල රැලිවලට හසු වෙමින් ගසා ගෙන ගියා.

 

කෙසේ වෙතත්, දියණිය ප්‍රදේශ වාසීන්ගේ සහය ඇතිව පඳුරක් අල්ලාගෙන සිටියදී බේරා ගත්තා කඳුකර ප්‍රදේශවල ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් ඇගේ පියා සහ සහෝදරයා ඉහළ ගිය දිය රැළි මත ගසා ගෙන ගියා ගසා ගෙන ගිය පියපුතු දෙදෙනාගේ මෘත දේහයන් ඊට කිලෝමීටර් ගණනක බෑවුම් ප්‍රදේශයකින් මෙලෙස යුද හමුදා කණ්ඩායම් විසින් සොයා ගැණුනා.

 

 

 

 

 

 

views

728 Views

Comments

arrow-up