පාසල් නොයන ළමුන් සොයා සමීක්ෂණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
26

පාසල් නොයන ළමුන් සොයා සමීක්ෂණයක්

පාසල් නොයන ළමුන් සොයා සමීක්ෂණයක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් නොයන ළමුන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට අබ්බැහි වීම හේතුවෙන් පාසල් යන වයසේ ළමුන් මෙලෙස පාසල් නොයන තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වෙයි.
මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ වීම ළමුන් පාසල් නොයාමට එක් හේතුවක් පමණක් වී ඇති අතර මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ බව සඳහන් වේ.
කෙසේවෙතත් ළමුන් පාසල් නොයෑමට තවත් කරුණු ගණනාවක් හේතු වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන දෙමව්පියන්ට පාසල් යැවීමේ වැදගත්කම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති හේතුවෙන් මෙලෙස දරුවන් පාසල් නොයන බවය.
පවතින තත්ත්වය හමුවේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් නොයන ළමුන් සම්බන්ධයෙන් සොයාබැලීමේ අරමුණින් මේ වන විට සමීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාල 13ක පාසල් යායුතු වයසේ සිටින පාසල් නොයන දරුවන් පිළිබඳ මෙම සමීක්ෂණය සිදුකිරීමට නියමිතය.
මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව දරුවන් ළමුන් පාසල් නොයාමේ තත්ත්වයක් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා
අදාළ සමීක්ෂණයෙන් අනතුරුව අධ්‍යයපන අමාත්‍යාංශය සමඟ එක්ව ඔවුන් නැවත පාසල්ගත කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිතයි

 

views

904 Views

Comments

arrow-up