රජය කොරෝනා දෙවන මාත්‍රාව ලබා දීමේ අර්බුධයක, එන්නත් මිලදී ගෙන දිය හැකි ධානපතියෙකු සොයයි

Covid 19 සදහා ලබාදෙන එන්නත් වැඩපිළිවෙළේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීමේදී රජය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
මේ වන විට මැදපෙරදිග රාජ්‍යයක් සමග සිදුකල අභ්‍යන්තර සාකච්ඡාවක දී ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ එක එන්නතක් ඩොලර් 20 බැගින් මිලට ගනිමිනුයි.
කෙසේ නමුත් මෙම එන්නත් මිලදී ගැනීම සඳහා අවශ්‍යය මූල්‍ය ආධාර සපයා ගැනීමේ දුෂ්කරතාවකට රජය මුහුණ දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.
මේ වන විට රජය විසින් අදාළ එන්නත් තොගේ ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට හැකි දේශීය හෝ විදේශීය දානපතියකු, ස්වේච්ඡා සංවිධානයක හෝ සහාය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා.
කෙසේ නමුත් අදාළ එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබා ගැනීම සඳහා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයවන බව මේ වනවිට ඇස්තමේන්තු ගත කර තිබෙනවා. එය මෙරට මුදලින් රුපියල් කෝටි 200කට ආසන්නයි.
1347 Views
Comments