මෙරට 24 වන කොරෝනා මරණය පිළිබද තොරතුරු මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

මෙරට 24 වන කොරෝනා මරණය පිළිබද තොරතුරු මෙන්න

මෙරට 24 වන කොරෝනා මරණය පිළිබද තොරතුරු මෙන්න

මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වයසැති කාන්තාවක් ඊයේ සිය නිවස තුලදීම මියගොස් තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 වයසැති ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන ඇත.

 

මෙම කාන්තාව මසකට ආසන්න කාලයක් සිය නිවසේම රෝගී තත්ත්වයෙන් පසුව තිබෙන අතර නිධන්ගත රෝගයන්ගෙන් පෙලුනු බවට ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා. මෙම රෝගියා මියයාමට හේතුව කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.

 

මිට අමතරව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි තවත් 78 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදී ඇද වැටීමකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් පසුගිය 02 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් තිබෙනවා.

 

සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම රෝගියා කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත. කෙසේ වුවත් මියයාමට බලපෑ හේතුව අනුව මෙය කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස නොසලකන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම් දී සිටින්නේ.

 

views

681 Views

Comments

arrow-up