මහ කන්නයට ඩීසල් බවුසර්10,909ක් ඕනෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

මහ කන්නයට ඩීසල් බවුසර්10,909ක් ඕනෑ

මහ කන්නයට ඩීසල් බවුසර්10,909ක් ඕනෑ

 

මහ කන්නයේ  වී වගාවේ බිම් සකස් කිරීම හා අස්වනු නෙලීමෙි කටයුතු සඳහා ඩීසල් ලීටර් මිලියන 72ක් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

 

එය ඉන්ධන බවුසර් 10,909ක් බවද බිම් සැකසීමට ඉන්ධන ලීටර් මිලියන 40ක් සහ අස්වනු නෙලීමට ඉන්ධන ලීටර් මිලියන 32 බැගින් ඇස්තමේන්තු කර ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයා කීය.

 

කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම ලේකම්වරයා මෙි බව පැවසීය.

 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ගොවිතැනට අවශ්‍ය ඉන්ධන ලබා දීමේ කටයුතු අධීක්ෂණය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති බවයි. කිසියම් ප්‍රදේශයක වගාවට අවශ්‍ය ඉන්ධන ගැටළුවක් පැන නැගුනහොත් වහාම අදාල දිස්ත්‍රික් ලේකම්වරයා හමුවී ගැටළුව විසඳා ගැනීමට හැකියාව ඇති බවත්  ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය ද මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙනම නිලධාරියෙක් බැගින් පත් කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

views

231 Views

Comments

arrow-up