ඩෙංගු මදුරුවාට මාස දහයට 60ක් බිලි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

ඩෙංගු මදුරුවාට මාස දහයට 60ක් බිලි

ඩෙංගු මදුරුවාට මාස දහයට 60ක් බිලි

මෙම වසරේ ගතවූ කාලයේදී ඩෙංගු ආසාදනය වීමෙන් පුද්ගලයන් හැට දෙනකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථානය පවසයි.

 

මෙලෙස ඩෙංගු රෝගය වැලඳීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනහට අඩු පුද්ගලයන් සහ ළමයින් බව ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

 

එසේම මෙම වසරේ එම කාලයේදී ඩෙංගු රෝගීන් හැට දෙදහසක් වාර්තා වී තිබේ.

 

පසුගිය වසරට සාපේක්ෂව තුන්ගුණයකින් ඩෙංගු වැඩිවී තිබේ. පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය හැකි බව ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේය.

views

175 Views

Comments

arrow-up