ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙකු හොලිවුඩයේ කළ ප්‍රථම නිර්මාණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
17

ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙකු හොලිවුඩයේ කළ ප්‍රථම නිර්මාණය

ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙකු හොලිවුඩයේ කළ ප්‍රථම නිර්මාණය

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික සිනමා නිර්මාණකරුවකු වූ ලක්පති විජේසේකර අධ්‍යක්ෂණය ලද හොලිවුඩ් චිත්‍රපටයක් වූ '' ෆ්‍රී බයි නූන්'' (free by noon ) නැමැති චිත්‍රපටය මේ දිනවල ඇමෙරිකාවේ තිරගත කෙරේ.

 

ලොස් ඇන්ජලීස් නගරයේ ග්ලේන්ඩේල් හි ලයෙම්ලේ සිනමාශාලාවේදී තිරගත වන මෙම චිත්‍රපටය හාස්‍යෝත්පාදක ඉංග්‍රීසි චිත්‍රපටක් වන අතර ජෝන් අයිසන්, රැචල් වොංග්, ජස්ටින් හෙරොන්, මෙලිසා හොවෙල් ආදි හොලිවුඩ් රංගන ශිල්පීන් මෙහි චරිත නිරූපණය කරති.

 

මෙම චිත්‍රපයට මේ මස 21 වැනි දා දක්වා ලොස් ඇන්ජලීස් හි තිරගත වන අතර ඉන්පසුව මෙම චිත්‍රපයට නිව්යෝක්, ටෙක්සාස්, ඇට්ලන්ටාස් වැනි නගරවලද ප්‍රදර්ශනය කරවීමට නිෂ්පාදකයෝ සූදානම්ව සිටිති.

 

ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයකු හොලිවුඩයේ කළ ප්‍රථම නිර්මාණය වන මෙම චිත්‍රපටය සදහා තවත් ලාංකිකයින් තිදෙනකු දායකත්වය ලබා දීමද විශේෂත්වයකි. ඒ අනුව ෆ්‍රී බයි නූන් චිත්‍රපටයේ සම නිෂ්පාදනයෙන් විදර්ශි වගආරච්චි ද, විධායක නිෂ්පාදනයෙන් ලාල් තිලකරත්න ද, සංස්කරණයෙන් ලහිරු විජේසේකර ද දායක ව සිටිති.

views

846 Views

Comments

arrow-up