පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ජීප් රථ දෙකට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය මැයි 10 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාගේ ජීප් රථ දෙකකට ගොකරැල්ල ප්‍රදේශයේ දී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (26) දිනයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක් හා 54ක් වන පන්ලියද්ද හා දරමිටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම පහර දීම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
238 Views
Comments