හොරපාරෙන් රිෂාඩ්ට ජංගම දුරකථනයක් දුන් ජේලර් ට වැඩ වරදි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට හොර රහසේ ජංගම දුරකථනයක් ලබාදුන් බන්ධනාගාර ජේලර් වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතුව සිටි ඔහුව මාරු කර යවා ඇත්තේ වව්නියාව බන්ධනාගාරටයි.
මන්ත්‍රීවරයා බන්ධනාගාරය තුළ රහසිගතව ජංගම දුරකථනක් තබාගෙන සිටින බව අනාවරණය වූයේ ඊයේ දිනයේය. බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයා තවත් නිලධාරියකු සමග බදුර්දීන් මහතා රඳවා තිබූ සිර කුටිය අසලට පැමිණෙන විට ඔහු විසින් එම ජංගම දුරකථනය කුටියෙන් ඉවතට විසි කිරීමට උත්සාහ කිරීමේදී එය නිලධාරීන්ට හසු විය.
සොයාගත් ජංගම දුරකථන වැඩිදුර පරීක්ෂණ සඳහා බුද්ධි අංශ වෙත භාර දී තිබේ .
984 Views
Comments