පොලිස් ඇමති පොලිස් පොඩ්ඩො බලන්න යයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

පොලිස් ඇමති පොලිස් පොඩ්ඩො බලන්න යයි (PHOTOS)

පොලිස් ඇමති පොලිස් පොඩ්ඩො බලන්න යයි (PHOTOS)

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අමාත්‍යතුමන් අද උදෑසන කළුතර පොලිස් විද්‍යාලයට පැමිණ ඇති බව වාර්තා වෙනවා. එහිදී විද්‍යාලයේ ස්ථාන ගණනාවක් අමාත්‍යවරයා නිරීක්ෂණය කර ඇති අතර ඉන් අනතුරුව කළුතර සහ සියලු ඒකක වල නිලධාරීන් හා කාර්ය මණ්ඩල නිලධාරීන් 2500 දෙනෙකු සහභාගි කරවා ගනිමින් Zoom තාක්ෂණය ඔස්සේ ඔවුන්ගේ අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කර ඇත.

 

වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ අතිගරු ජනාධිපතිතුමන් මහජන ආරක්ෂක අමාත්‍යධූරය මා හට ලබා දුන්නේ දැඩි විශ්වාසයකින් බවත් එම විශ්වාසය නොපිරිහෙලා ඉටු කිරීමට පොලිස් නිලධාරීන් 100% කැපවිය යුතු බවයි.

 

අමාත්‍යවරයා වැඩි අවධානයක් යොමුකර ඇත්තේ අපරාධ සිදුකරන පුද්ගලයින් සොයා කෙරෙන පරීක්ෂණ සඳහා දැනට පවතින තාක්ෂණික උපකරණ වලට අමතරව දියුණු රටවල භාවිතා කරන නව තාක්ෂණය උපයෝගි කරගත යුතු බවයි.

 

නිලධාරින් තාක්ෂණික දැනුම නිසි ක්‍රමවේද ඔස්සේ පුරුදු පුහුණු වීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.

 

මේ වන විටත් රටපුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කර ඇත. මේ දින කිහිපය තුළ මත්ද්‍රව්‍ය හා අපරාධ රැසකට සම්බන්ධ පාතාල අපරාධකරුවන් විශාල ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවේ පසුවේ. අමාත්‍යවරයා විශේෂයෙන්ම ප්‍රකාශ කර සිටින්නේ බාලවයස්කාර, ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම, මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්, පාතාල සාමාජිකයින් හට කිසිසේත් ගැලවී  යාමට ඉඩ නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අමාත්‍යතුමන් පවසා සිටියි.

 

 මේ ගෞරවය පොලිස්පතිතුමන් ඇතුළු සියළු පොලිස් නිලධාරීන්ට හිමිවිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී. නිලධාරීන්ට දෙන අවවාදය නම්, හරිදේ කරන්න නීතී විරෝධී වැඩ සඳහා උදව් නොකරන්න. මේ නීරීක්ෂණ චාරිකාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛම් ජගත් අල්විස් මැතිතුමා සහ පොලිස්පතිතුමන්ද සහභාගි වී ඇත.

 

 

 

views

843 Views

Comments

arrow-up