රාගමදී මැරී වැටුණු දෙදරු පියාට කොරෝනා

කොරෝනා රෝගය ආසාදනයවූ බවට තහවුරු වූ පුද්ගලයෙක් රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇති බව රාගම පොලිසිය කියයි.
රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ මිය ගොස් ඇති බවට හදුනාගෙන තිබේ.
කැස්ස සමඟ ඇතිවූ සුලු පපුවේ අමාරුවක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණදි ඇති ඔහු එම පරික්ෂණයේදි කෝවිඩි ආසාදිත පුද්ගලයෙකු බව තහවුරු වි ඇති බවත් ඒ පිළිබදව ලැබි ඇති වෛද්‍ය වාර්තාවත් අතැතිව ඔහු එම රෝහලට මිටර් 20 ක පමණ දුරක් ගමන්කර මහ මඟ ඇද වැටි මියගොස් ඇති බව වැඩිදුර පරික්ෂණ කටයුතුවලදි අනාවරණය වූ බව පොලිසිය කියයි.
මියගිය පුදගලයා කොරෝනා පලමු එන්නත ලබාගෙන දෙවනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටි අයෙක් බවටද කරුණු අනාවරණයවි තිබේ.
මෘත ශරීරය රාගම ශික්ෂණ රෝහලට ගෙන ගොස් එහිදි සිදුකරණ ලද පී.සී.ආර් පර්ක්ෂණයකදි මිය ගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට තහවුරුවුන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය සඳහන් කරයි.
891 Views
Comments