AUG
07
කැනියොන් ජලාශයේ පාවෙමින් තිබූ කොටියෙකුගේ සිරුරක් සොයාගැනේ

මස්කෙළිය - කැනියොන් ජලාශයේ පාවෙමින් තිබූ කොටියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් අද(07) සොයාගෙන තිබේ.
මෙම කොටියා අඩි හයක දිගින් යුක්ත වන අතර අවුරුදු 8ක් පමණ වයස වේ.
කොටියා ජලාශය හරහා එගොඩවීමට ගිය අවස්ථාවේදී දියේ ගිලී මෙලෙස මියයන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන වැසිත් සමඟ කැනියොන් ජලාශයේ ජල මට්ටමද මේ වනවිට ඉහළ ගොස් ඇත.
828 Views
Comments