21 ගෙන එන්නේ අනාගත ශ්‍රී ලංකාවේ යහපත උදෙසායි

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පිළිබද අවධානය යොමුකර රටේ වගකීම් ඔවුන්ටද භාරදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
අග්‍රාමාත්‍ය ධූරය හෝ එම මන්ත්‍රීවරුන්ට ලබාදී රටේ ප්‍රශ්ණ විසදා ගන්නා ලෙසයි ඊයේ පාර්ලිමේන්තුවේදී ඔහු අවධාරණය කලේ.
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිය පක්ෂය විසින් ගෙන එන්නේ අනාගත ශ්‍රී ලංකාවේ යහපත උදෙසා බවයි එහිදී පර්ලිමේන්තුව ඇමතු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ.
609 Views
Comments