ගීතාට සහ ඩයනාට රාජ්‍ය අමාත්‍ය ධූර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

ගීතාට සහ ඩයනාට රාජ්‍ය අමාත්‍ය ධූර

ගීතාට සහ ඩයනාට රාජ්‍ය අමාත්‍ය ධූර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට නියමිතව ඇතැයි වාර්තාවෙයි. 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ සහ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට එලෙස පත්වීම් ලැබීමට නියමිත බවට අනාවරණ විය.

 

ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරියන් දෙදෙනාගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ඒ පිළිබඳ තමන් මෙතෙක් දැනුවත් නොමැති බවයි. 

 

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යධූරය එක් මන්ත්‍රීවරියකට ලබා දීමට නියමිත බවට වාර්තා වු අතර මීට පෙර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලු‍ම් අමුණුගම මහතා කටයුතු කළේය. 

 

ඔහු ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස ඉකුත්දා පත් කෙරුණු අතර ඒ අනුව පුරප්පාඩු වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහායි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පත් කිරීමට නියමිතව ඇත්තේ. 

 

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීමට අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

views

633 Views

Comments

arrow-up