AUG
14
අම්පිටියේ කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කෙරේ

අද (14) දහවල් මහනුවර අම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ අම්පිටිය පාර මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇගේ මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ම තබා ඇත.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
319 Views
Comments