දෛනික කොවිඩ් මරණ වාර්තාවීමත් ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

දෛනික කොවිඩ් මරණ වාර්තාවීමත් ඉහලට

දෛනික කොවිඩ් මරණ වාර්තාවීමත් ඉහලට

කොවිඩ් ආසාදිතවූ තවත් රෝගීන් 21 දෙනෙකු පෙරේදා(30) දිනයේ මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(31) තහවුරු කළේය.

 

ඒත් සමඟ මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,441 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි 14 දෙනෙකු, අවුරුදු 30 ත් 59 ත් අතර 05 දෙනෙකු සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ දැක්වේ.

 

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 10 දෙනකු මියගිය පිරිසට ඇතුළත්ව තිබේ.

views

649 Views

Comments

arrow-up