පාස්කු ප්‍රහාරයේ කිංග්ස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කළ සිව්දෙනා යළි රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

පාස්කු ප්‍රහාරයේ කිංග්ස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කළ සිව්දෙනා යළි රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරයේ කිංග්ස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කළ සිව්දෙනා යළි රිමාන්ඩ්

පාස්කු ඉරු දින ප්‍රහාරයේ කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිඳ ඇතුළු සිව්දෙනා ලබන සැප්තැම්බර් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකළ අතර, දැනට ඔවුන් රඳවා සිටින බන්ධනාගාරවලට අදාළ නියෝගය යොමු කරන ලෙසට යි මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා දැනුම් දුන්නේ.

 

එමෙන්ම සැකකරුවන්ට අයත් ජංගම දුරකථන දෙකක් හා ලැප්ටොප් පරිගණක දෙකක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.

views

761 Views

Comments

arrow-up