තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද අලුයම 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
ඒ අනුව කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් කලුදමද, හපුගස්තලාව, පහලගොරක ඔය සහ බෙරමණ දකුණ යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා තත්ත්වයේ පසුවේ.
මුළු දිවයිනටම පණවා තිබූ සංචරණ සීමාවන් අද අළුයම ඉවත් කෙරුණි. නැවත එය එළඹෙන 23දා රාත්‍රී 10ට පැනවීමට නියමිතය.
source : adaderana
622 Views
Comments