සුවසැරියට ඉන්දියාවෙන් ඖෂධ

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් 1990 සුවසැරිය පවත්වාගෙන යාමට මතුවූ අසීරු තත්ත්වය නිසා ඊයේ (03) දිනයේදී කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය විසින් සුවසැරිය සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇත.
1990 සුවසැරිය නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ද ක්වමින් මෙම පරිත්‍යාගය ලැබී ඇත.
මෙම පරිත්‍යාගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් සිදුකළ අතර මෙම අවස්ථාවට 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා , සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක සහ සුවසැරිය ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා,
“පවතින ආර්ථික අර්බුදය නිසා සුවසැරිය පවත්වාගෙන යාම ඉතාමත් අපහසු වී තිබෙනවා. අපි අමාරුවෙන් ආරම්භ කරපු මේ ජනතාවාදී සේවාව නතර කරන්න දෙන්න බෑ. ඒ නිසා, මම සුවසැරියට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියා. එයට යහපත් ප්‍රතිචාර දැක්වීම ගැන මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා. සුවසැරිය ආරම්භ කිරීමට සහයෝගය දුන්නෙත් ඉන්දියාව. මීට අමතරව, සුවසැරියට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරන ලෙස මා පසුගියදා කෝප් කමිටුවේදී මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා. එයටත් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.”
641 Views
Comments