චැට් කළ පෙම්වතා සොයා කිලෝ­මී­ටර් 500ක් ගිය ගම්පොළ දැරි­ය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

චැට් කළ පෙම්වතා සොයා කිලෝ­මී­ටර් 500ක් ගිය ගම්පොළ දැරි­ය

චැට් කළ පෙම්වතා සොයා කිලෝ­මී­ටර් 500ක් ගිය ගම්පොළ දැරි­ය

දහතුන් හැවිරිදි පාසල් දැරියක් අ තුරුදන්ව ඇති බවට ගලහ පොලීසියට පැ මිණිල්ලක් ලැබුණේ පසුගිය 07 වැනි දින පස්වරුවේය. පැමිණිල්ල කර තිබුණේ ඇගේ මවුපියන් සමඟ පැමිණි පුංචි අම්මාය.පැමිණිල්ලට අනුව අ තුරුදන්ව සිටියේ ගම්පොළ නිල්ලඹ පදිංචි යෝගරාජා කලේවානි නැමැති පාසල් ශිෂ්‍යාවකි. නි‍වසේ තම දරුවන් සමඟ සමඟ සෙල්ලම් කරමින් සිටි කලේවානි හිටි හැටියේම දැක ගන්නට නොසිටි බවත් අසල්වාසීන් සමඟ ප්‍රදේශය පුරා සොයා බැලුවත් හමු නොවුණු නිසා පැමිණිල්ලක් කිරීමට පැමිණි බවත් පුංචි අම්මා වන නාගේෂ්වරී පොලීසියට පවසා තිබිණි. පැමිණිල්ලට අනුව පොලීසිය වහා ක්‍රියාත්මක වී පොලිස් නිල සුනඛයන්ගේ සහ­ායද යොදා ගනිමින් දැරිය සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළේය. දැරියගේ ඇඳුම් පැළඳුම් මඟින් ලබාගත් ඉව ඔස්සේ අදාළ ප්‍රදේශයේ ලඳු කැලෑ හා ගල්ගුහා වලට පවා පොලිස් නිල සුනඛයන් රැගෙන ගොස් ප රීක්ෂණ කළත් ඇය පිළිබඳ කිසිදු හෝ ඩුවාවක් සොයා ගැනීමට පොලීසියට නොහැකි විය.

 

නිල සුනඛයන් කලේවානිගේ ඇඳුම් මගින් ලබාගත් ඉව ඔස්සේ ගම්මානයේ සිට ප්‍රධාන මාර්ග දක්වා පැමිණ නතර වීම නිසා පොලිස් පරීක්ෂණ වෙනත් මගකට යොමු විය. ඒ කවුරුන් හෝ වාහනයකින් දැරිය රැගෙන යන්නට ඇතැයි යන සැකය ඔස්සේය. මෙලෙස පරීක්ෂණ සිදු කෙරෙත්දී අතුරුදන්වූ බව කියන දරුවා රැගෙන ඇගේ දෙමව්පියන් ගලහ පොලීසියට පැමිණියේ පැමිණිල්ල සිදුකර හරියටම දින දෙකකට පසුය. එතැන් සිට හෙළිවූ කරුණු විග්‍රහ කිරීමේදී ජංගම දුරකතනය සමඟ සමීප සම්බන්ධතා පවත්වන දරුවන්ගේ අභ්‍යන්තරයේ සිදුවන මානසික ක්‍රියාවලිය සම්බන්ධව යම් වැටහීමක් ලබා ගැනීමට පුළුවන.

 

දින දෙකක කාලය තුළ දහතුන් හැවිරිදි කලේවානි දිවා රාත්‍රි දෙකේම තනිව ගොස් තිබූ දුර කිලෝ මීටර් 500 කට ආසන්නය.

 

 මේ ගමනට හේතුව ජංගම දුරකතනය ඔස්සේ නොදන්නා තරුණයකු සමඟ ඇතිකර ගත් ප්‍රේම සමබන්ධයකි.

views

6778 Views

Comments

arrow-up