අසාද් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

අසාද් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු

අසාද් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් ඒ මහතාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

 

ඒ තමාව නිදහස් කරන ලෙස ඉල්ලා අසාද් සාලි මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.

 

ප්‍රියන්ත ජයවර්ධන, A.M.M.D. නවාස් සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබිය.

 

එළඹෙන ජුලි මස 29 වනදා මෙම පෙත්සම යළි සලකා බැලීමට අධිකරණය විසින් නියෝග දී තිබේ.

views

495 Views

Comments

arrow-up