OCT
02
සජිත්ගේ මුදල් අවභාවිතයකුත් එළියට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2015 සිට 2019 දක්වා යහපාලන ආණ්ඩුවේ නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදුවූ රාජ්‍ය මුදල් රුපියල් බිලියන ගණනක අවභාවිතයක් පිළිබඳව වන වාර්තාවක්ද විගණකාධිපතිවරයා නිකුත් කර තිබෙනවා.
දෙස් විදෙස් සංචාරකයින් මෙරට සංස්කෘතික උරුමයන් නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන ආදායමෙන් ප්‍රතිපාදන එක්රැස්වෙන සංස්කෘතික අරමුදල අවභාවිත වී ඇති අයුරු එම විගණන වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා.
229 Views
Comments