නිවසේ හරිතාගාරයක් තුල කුෂ් වැවූ සැකකරු බඩුත් සමඟ මාට්ටු

එළවළු වගාවක් ලෙස නිවසක හරිතාගාරයක් තුළ ඉතා සූක්ෂමව වගා කරන ලද හයිබ්‍රිඩ් වර්ගයේ දෙමුහුන් ප්‍රභේදයක් වන කුෂ් (ගංජා) පැළ සමග පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය පොලිස් වසමේ නුවරඑළිය, රුවන්එළිය පන්සල පාර, ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු 27 හැවිරිදි එහිම පදිංචි අයෙකි.
විවිධ ප්‍රමාණයේ උස පැළ 71ක වගාවක් මෙහි තිබී ඇත. විදේශීයවල වගා කරන ප්‍රභෝදයක් වන මෙම දෙමුහුන් වර්ගයේ ගංජා ප්‍රභේදය ඉතා රහසිගත ලෙස මෙම සැකකරු විසින් වගා කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කිරීමට නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
271 Views
Comments