JUL
16
ලක්ෂ 05ක කේරළ ගංජා තොගයක් හසුවේ

ලක්ෂ පහකට අධික කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ පිළියනකුලම කඳවුරේ නිලධාරීන් ඊයේ(15) සමත් වී තිබෙනවා .
ඒ කිළිනොච්චි පොලිස් වසමේ අරවියල් නගර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් අනතුරුවයි.
අදාළ සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 535ක් හමුවී ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කිළිනොච්චි පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි විසි තුන් හැවිරිදි අයෙක්.
262 Views
Comments