අනිද්දා සිට විදුලිය යළි කැපෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
23

අනිද්දා සිට විදුලිය යළි කැපෙයි

අනිද්දා සිට විදුලිය යළි කැපෙයි

තාප විදුලි බලාගාරවල දැවි තෙල් එලඹෙන අඟහරුවාදා(25) වන විට අවසන් වීම හේතුවෙන් එදින සිට රාත්‍රී කාලයේදී විදුලි සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

 

දැවිතෙල් නොමැතිකම හේතුවෙන විදුලි බලාගාර කිහිපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් එම නිසා රාත්‍රී කාලයේදී අනිවාර්යයෙන්ම විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බවත් ආචාර්ය සුසන්ත පෙරේරා මහතා කියා සිටියේය.

 

විදුලි සැපයුම විසන්ධි කරන ආකාරය සහ වේලාව හෙට(24) දිනයේ දැනුම් දෙන බවත් සඳුදා දිනය වනතෙක් විදුලිය විසන්ධි කිරීමේ කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවත් සුසන්ත පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරීවරයා කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් කල කලේය.

views

823 Views

Comments

arrow-up