විශ්‍රාමිකයනුත් සංවෘත කල යුතුයි - ගුරු විදුහල්පතිවරු තවත් අරගලයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

විශ්‍රාමිකයනුත් සංවෘත කල යුතුයි - ගුරු විදුහල්පතිවරු තවත් අරගලයක

විශ්‍රාමිකයනුත් සංවෘත කල යුතුයි - ගුරු විදුහල්පතිවරු තවත් අරගලයක

1997 වසරේ සිට සේවයෙන් විශ්‍රාම ගිය ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සංවෘත  සේවයට එක් කළ යුතු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

 

ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

 

2021 වසරේ අගෝස්තු සිට ගුරු විදුහල්පති සහ ගුරු උපදේශන සේවා සංවෘත සේවා බවට පත් කරන ගැසට් නිවේදනය පෙරදා නිකුත් කෙරුණු අතර එහි විශ්‍රාමික ගුරුවරුන් පිළිබඳ ව පිළිබඳව සටහන් වී තිබුණේ නැත.

 

මේ හේතුවෙන් ඔවුන් ද සේවා සංවෘත කරණයට ඇතුලත් විය යුතු බවයි වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ.

views

2065 Views

Comments

arrow-up