නොහික්මුණු ටිපර් රියදුරා ගුරුවරියගේ ජීවිතය බිලිගනී - සැමියාටත් අසාධ්‍යයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
17

නොහික්මුණු ටිපර් රියදුරා ගුරුවරියගේ ජීවිතය බිලිගනී - සැමියාටත් අසාධ්‍යයයි

නොහික්මුණු ටිපර් රියදුරා ගුරුවරියගේ ජීවිතය බිලිගනී - සැමියාටත් අසාධ්‍යයයි

යාපනයේ කෝපායී කයිතඩි හංදිය අසල යතුරුපැදියක ගමන් කළ ගුරුවරියක් සහ පොලිස් නිලධාරියෙකු පසුගිය 15 වනදා පසුපසින් පැමිණි ටිපර් රථයකට යටවීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මියගිය අතර පොලිස් නිලධාරියා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.


මෙලෙස අනතුරෙන් මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 35 ක්වූ එස්. සීතාංගනී නමැති පාසල් ගුරුවරියක් වන අතර පොලිස් නිලධාරියෙකු වන ඇගේ සැමියා බරපතළ තුවාල ලබා තිබේ. 

 

කෝපායී පොලීසිය විසින් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පවසන්නේ ටිපර් රථයේ රියදුරා අධික වේගයෙන් පැමිණ ඉතා අනාරක්ෂිතව තිබූ ස්ථානයකදී යතුරු පැදියට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. 

 

අනතුර සම්බන්ධයෙන් කෝපායී පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

786 Views

Comments

arrow-up